නරක් වූ සහල් අලෙවි කලොත් දැඩි දඬුවම්

Saturday, 18 February 2017 - 15:26

%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කැකිරාව ප්‍රදේශයේ සිදුකල වැටලීම්වලදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අතර කල් ඉකුත්වන දිනය වෙනස් කල සහ කෘමීන් සහිත සහල් කිලෝ 9530 ක් වන බවයි පාරිභෝගික සේවා අධිකාරිය නිවේදනය කලේ.

එම සහල් අලෙවි කල පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කලේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන වෙළඳුන් පිළිබඳ අඛණ්ඩ විමසිල්ලෙන් පසුවන බවයි.

ඇතැම් වෙළඳුන් සහල් තොග සගවමින් අධික මිළ ගණන් යටතේ සහල් අලෙවි කරන බවයි අධිකාරිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම පරිභෝජනයට නුසුදුසු සහල් අළෙවි කිරීමට ද ඇතැම් පිරිස් කටයුතු කරන බව හෙළිවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories