අපයෝජන චෝදනාවට යුද හමුදාවෙන් උත්තර

Saturday, 18 February 2017 - 15:53

%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB
දෙමළ කාන්තාවන් අපයෝජනය කරන බවට පළවන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ජාතික සංහිදියා කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදාළ මාධ්‍ය වාර්තා පළ කර ඇති බවයි.

එය රට තුළ සංහිදියාව ඇති කිරීමට රජය ගන්නා පරිශ්‍රමයට මෙන්ම, හමුදාවේ ප්‍රතිරූපයට ද බාධාවක් වන බව එහි දැක්වෙනවා.

2010 වසරේදී සිවිල් පරිපාලනය උතුරේ ස්ථාපිත කිරීමත් සමග යුද හමුදාව එම කටයුතුවලින් ඉවත් වූ බවත්, සංහිදියා කාර්යාලයේ අදාළ නිලධාරියා විසින් සිදුකර ඇති ප්‍රකාශය පදනම් විරහිත බවත්, කණගාටුවෙන් සදහන් කරන බවයි  එහි තවදුරටත් සදහන් වන්නේ.

අපචාර සිද්ධීන් වලට සම්බන්ධ යුද හමුදා සාමාජිකයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවද යුද හමුදාව අවධාරණය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories