ගාලගෝට්ටි මැද පලනිස්වාමි විශ්වාසය තහවුරු කර ගනී

Saturday, 18 February 2017 - 15:56

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා, සිරගතවීමට පෙර පත් කර ගන්නා ලද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා වන ඊ. පලනිස්වාමිට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද (18) පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එහිදී ඔහුට ඡන්ද 122 ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 11 ක් පමණයි.

කෙසේ වෙතත්, මෙම ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් නියෝජනය කරන ඩී.එම්.කේ. පක්ෂ නියෝජිතයන් මෙන්ම, කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයින් ද සහභාගි වුණේ නැහැ.

අද උදෑසන ප්‍රාන්ත සභාවට මෙම යෝජනාව ඉදිරිපත් වීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ද මතුවුණා.

හිටපු මහඇමති  ඕ. පන්නීර් සෙල්වම් ඇතුළු කණ්ඩායමක් ඔවුන්ට විරුද්ධව අදහස් පළ කළ අතර, විපක්ෂ ඩී.එම්.කේ. නියෝජිතයන් ද කියා සිටියේ මෙම ඡන්ද විමසීම කල් තැබිය යුතු බවයි.

එමෙන්ම රහසිගත ඡන්දයක් ඔවුන් ඉල්ලා සිටි අතර කථානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ ඉදිරිපස මේසය සහ මයික්‍රෆෝනය ද බිද දමා තිබුණා.

ප්‍රාන්ත සභාවේ මෙම ගාලගෝට්ටිය හමුවේ කථානායකවරයා ඉවත්ව ගියේ ඡන්දය විමසීම පස්වරුවට කල් තබමින්.

එසේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභා ගැබෙන් ඉවත් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories