අඛණ්ඩව විදුලිය ලබාදෙන බව විදුලිබල ඇමති කියයි (ඡායාරූප)

Saturday, 18 February 2017 - 17:07

%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නියඟය පැවතිය ද අඛන්ඩව මිල ඉහළ දැමීමකින් තොරව විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ජලාශවල ජල මට්ටම පිළිබඳ සොයා බැලීමට අමාත්‍යවරයා අද කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල සංචාරයක නිරතවුනා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ පවතින තත්වයට මුහුණදීමට රජය සුදානම් බවයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රේල් 21 වනදා දක්වා අඛන්ඩව විදුලිය ලබාදීමට පවතින ජලය ප්‍රමාණවත් බවයි.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් හෝ බිල් වැඩි කිරීමක් කිසිසේත් සිදුනොකරන බව ඔහු අවධාරණය කළා.

අප වාර්තාකරු සඳහන් කලේ විදුලිබල අමාත්‍යවරයා මස්කෙළිය සමන් දේවාලයේදී වැසි අපේක්ෂා කරමින් විශේෂ පුජාවක් ද පැවැත්වු බවයි.




 



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories