කීත් නොයාර් සිද්ධියට ඇල්ලූ හමුදාවේ තුන්දෙනා රිමාන්ඩ්

Saturday, 18 February 2017 - 19:07

%E0%B6%9A%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තුන් දෙනා මේ මස 23 වනදා දක්වා අද (18) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔවුන් ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ යුද හමුදා මේජර්වරයෙකු සහ සෙබලූන් දෙදෙනෙක්.

මේජර්වරයාගේ නම ඩී. ඩී එම් බුලනවත්ත වන අතර ඩබ්ලිව් පී ඩී වීරරත්න සහ එන් ඒ හේමචන්ද්‍ර පෙරේරා අනෙක් නිලධාරීන් දෙදෙනායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ හමුවට ඉදිරිපත් කෙරුණා.   

නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළ කීත් නොයාර් 2008 වසරේ මැයි මස 22 වන දා රාත්‍රී 10.30ට පමණ කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ සේවය නිමවා නැවත නිවස බලා යාමෙන් අනතුරුවයි.

ඔහුගේ වාහනය නිවස ඉදිරිපිට නවතා තිබුණ ද ඔහු නිවසට නොපැමිණීම නිසා පසුදින අලූයම කීත් නොයාර්ගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

කෙසේ නමුත් ඔහු ඊට පසුදින අලූයම නිවස අසළට ගෙන ගොස් දමා තිබූ අතර, ඔහු පහරදීමකට ලක්වී සිටි බවටයි වාර්තා වූයේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories