වැසි වැඩි වෙයි

Sunday, 19 February 2017 - 6:44

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද දිනයේදීත් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු ප්‍රදේශවල හෙට දිනයේදීත් පවතිනු ඇති බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

සෙසු ප්‍රදේශවල සවස 2 න් පසු විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

සබරගමුව / දකුණ / ඌව / මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ත් 100 ත් පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 5 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

මඩකලපුව සිට පොතුවිල් / හම්බන්තොට සහ මාතර හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුලු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 80 ක් පමණ වේගයකින් සුළං ඇතිවිය හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories