Update :- කටුකුරුන්දේ යාත්‍රා අනතුරෙන් අතුරුදන්වූ 32ක් මුදා ගැනේ

Sunday, 19 February 2017 - 12:58

Update+%3A-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+32%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කළුතර - කටුකුරුන්ද මුහුදේදී සිදුවූ යාත්‍රා අනතුරෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු බේරාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඉන් 26 දෙනෙකු බේරුවල රෝහලේ සහ තවත් 6 දෙනෙකු කළුතර - නාගොඩ ප්‍රතිකාර ලබන බව සඳහන්.

5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලීසිය ප්‍රකාශ කළා.

අතුරුදන්වූවන් සොයා නාවික හමුදාව කිමිදුම්කරුවන් 11 දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සමඟ අමතර බෝට්ටු 6ක් මෙන්ම ගුවන් හමුදාව යොදවා ඇති බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මෙහෙයුම්වල නිරත වනවා.

අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර මේ වන විට කළුතර - නාගොඩ සහ බේරුවල රෝහල්වල  තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද උදෑසන බේරුවල - ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව සුරුවමක් රැගෙන බෝට්ටු පෙරහරක් ගමන් කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.


Update - Sunday, February 19, 2017 4.08pm
------------------------------------------------------------

කළුතර - කටුකුරුන්ද මුහුදේදී සිදුවූ යාත්‍රා අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, අතුරුදන්වූවන් සෙවීම සඳහා ඩෝරා යාත්‍රා 3ක් සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව සදහන්.

මිය ගිය අය  අතර වයස අවුරුදු 12ක ළමයෙකු ද වන අතර, සිද්ධියෙන් තවත් 19 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර මේ වන විට කළුතර - නාගොඩ සහ බේරුවල රෝහල්වල  තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද උදෑසන බේරුවල - ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව සුරුවමක් රැගෙන බෝට්ටු පෙරහරක් ගමන් කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

Update - Sunday, February 19, 2017 3.12pm
------------------------------------------------------------
කළුතර - කටුකුරුන්ද මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි පුද්ගලයන් 10 දෙනෙකුගේ මෘත දේහය මේ වනවිට කළුතර - නාගොඩ රෝහලේ සහ බේරුවල රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.

අද පෙරවරුවේ බේරුවල සිට කළුතර සිරිකුරුස දේවස්ථානයේ දේව පූජාවට පුද්ගලයින් රැගෙන යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්වුණා.

දියේ ගිලූණු පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

අනතුරෙන් අතුරුදන්වූ පිරිස් සොයා මේ වනවිට නාවික හමුදාව සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරින් මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව එම ස්ථානයට ගොස් සිටින ධීවර දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නුවන් ගුණවර්ධන ප්‍රකාශ කළා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories