කටුකුරුන්ද යාත්‍රා අනතුරට හේතුව හෙළිවෙයි

Monday, 20 February 2017 - 7:24

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කළුතර - කටුකුරුන්ද මුහුුදු සීමාවේදී සිදුවූ යාත්‍රා අනතුරට හේතුව ප්‍රමාණය ඉක්මවා පුද්ගලයින් ගමන් කිරීම බවට හෙළිව තිබෙනවා.

කළුතර දකුණ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ යාත්‍රාව පෙරළී යන අවස්ථාවේදී එහි පුද්ගලයින් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි.

යාත්‍රා අනතුරෙන් 11 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු බේරාගෙන ඇති අතර, එක් අයෙකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි කළුතර දකුණ පොලීසියේ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ.

ඔහු සොයා අද උදෑසන නාවික හමුදාව යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

ඊයේ පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුවුණේ කළුතර - කටුකුරුන්ද වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 ක් පමණ ගැඹුරු මුහුදේදීයි.

බේරුවල - ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහරකට එක්වූ බහුදින යාත්‍රාවකුයි මෙලෙස අනතුරට ලක්වුණේ.

ඊයේ දිනයේදී මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හදිසි ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ බලගනයේ යාත්‍රා 8 ක් සමඟ නැවියන් 20 දෙනෙකු යොමු කෙරුණා.

පසුව කිමිඳුම්කරුවන් 11 දෙනෙකු සමග ඩෝරා යාත්‍රා 4 ක් ද මෙහෙයුම් කටයුතු සදහා එක් කෙරුණු අතර නාවික හමුදාවේ සහයට ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද පැමිණ තිබුණා.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී එහි ගමන් කළ කිසිදු පුද්ගලයෙකු ජීවිතාරක්ෂක කබා පැළඳ නොතිබීම ජීවිත හානි වැඩිවීමට හේතුවී ඇති බවයි පොලීසියේ මතය වී ඇත්තේ.

එමෙන්ම බහුදින යාත්‍රාවක නියමිත බරට වඩා අඩු බර ප්‍රමාණයකින් යුක්ත වීමද මෙම අනතුරට තවත් හේතුවක්  බවද වාර්තාවනවා.

මීට අමතරව යාත්‍රාව හැරවීම සිදුකරන විට නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කර තිබීම ද අනතුරට තවත් එක් හේතුවක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර මෙම  යාත්‍රා අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට සහ විපතට පත්වූවන් වෙනුවෙන් තම ශෝකය පළ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ජනාධිපතිවරයා සදහන් කළේ විපතට පත්වූවන්ට සහ මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වලට අවශ්‍ය සියලුම සහන සේවා කටයුතු සළසන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories