සයිටම්වලට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගෙන් විරෝධතා, දෙමාපිය සංසදයත් ජනපති හමුවෙයි

Monday, 20 February 2017 - 7:36

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදයට විසදුමක් අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද දිනයේ ඌව පළාතෙන් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දෙමව්පිය සංගමය අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවනවා.

එම සාකච්ඡාවට සයිටම් ආයතනයේ බලධාරීන්ද එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන ගැටළුවට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.  

මේ අතර, මෙරටට තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගෙන ඒමේ උත්සාහයක් ඇති බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ චෝදනා කළා.

එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මෙම චෝදනාව සිදුකළේ මරදාන - සමාජ සහ සාමයික කේන්ද්‍රයේ  කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම ස්ථානයේම පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමව්පිය සංසදයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න කියා සිටියේ පවතින ගැටළු සහගත තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවත්වෙන බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රවෘත්ති සාකච්ඡා දෙක නිමවීමෙන් පසු ප්‍රතිමල්ලවයන් ලෙස වේදිකාවල හැසිරෙන මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ දෙමව්පිය සංසදයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර එකට ඡායාරූපයකට ද පෙනී සිටි බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories