සතුන් සිය නායකයා තෝරා ගනු ලබන්නේ ශක්තිමත් වූ පිරිමි සතුන් දෙදෙනෙකු අතර ඇතිවන සටනකින්.
එහිදී සතුන් දෙදෙනාම එකවර මියගිය දුලභ අවස්ථාවක් ගිරිතලේ ස්වභාවික රක්ෂිතයෙන් වාර්තා වනවා.
ගිරිතලේ, ඇලහැර, කෝන්කැටිය වැව ප්රදේශයේදී විශාල ගෝනුන් දෙදෙනෙක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම මෙලෙස මියගොස් තිබෙනවා.
බලන,ඇලහැර කලාප භාර වනජීවී නිලධාරින් පිරිසකට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකදීයි මෙම සිදුවීම අනාවරණය වී ඇති බව සදහන්.
වනජීවී නිලධාරීන් ප්රකාශ කළේ මෙම සතුන් දෙදෙනාගේ අං තට්ටු එකිනෙකට පැටලී වැවට වැටීම හේතුවෙන් සතුන් දෙදෙනා මියගොස් ඇති බවයි.
ගෝනුන් දෙදෙනාගේ අං තට්ටු සහිත හිස් කබල් ඇලහැර වනජීවී නිලධාරින් විසින් කෞතුකාගාරයට ලබාදීම සඳහා රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories