බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සූදානම් වනවා.
පළාත් සභා අමාත්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් සිය මහජන වගකීම් නිසි පරිදි ඉටු නොකරන බවටයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ චෝදනාව වී ඇත්තේ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමද පවත්වා තිබෙනවා.
එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අමාත්‍යවරුන්ට එරෙහිව ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේ දැඩි චෝදනා එල්ල කර ඇති බවටයි වාර්තාවන්නේ.
පසුගිය වසරේදී බස්නාහිර පළාත් සභාවේ ඇතැම් ඇමතිවරුන් සිය ඉලක්ක සපුරාගැනීමට අපොහොසත් වී ඇති බවටද මන්ත්‍රීවරුන් මෙහිදී චෝදනා කර තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්ගෙන් විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ අතර කඩිනමින් ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගෙන් ද විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාව තුළ ඇතැම් මාධ්‍ය වාර්තාවල පළවූ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව නොමැති බවයි.
සියලූ පාර්ශව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
බස්නාහිර පළාත් සභාවේ මුළු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 104 ක් වන අතර බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 62 ක්.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී 36 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6 දෙනෙකු මෙම පළාත් සභාව නියෝජනය කරනවා.

Follow US
Most Viewed Stories