පිලිපීනයේ බස් රථ අනතුරකින් පාසල් ළමයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 21 February 2017 - 13:50

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
නිවාඩු කාලයේ කඳුකරයේ කඳවුරු බැදීම සඳහා විනෝද චාරිකාවක නිරත වූ පිලිපීන පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් ළමයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මැනිලා අගනුවර පෞද්ගලික පාසලක ළමයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, බස් රථය මාර්ගයේ පසෙක වූ කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

ළමයින් දස දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර, රියදුරු සහ තවත් ළමයින් 3 දෙනෙකු මිය ගොස් ඇත්තේ රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories