බෝට්ටු අනතුරින් මියගිය සහ තුවාල ලැබු අයට වන්දි

Tuesday, 21 February 2017 - 14:36

%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
කළුතර - කටුකුරුන්ද මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එසේම අනතුරේදී තුවාල ලබා රෝහල් ගතවූ අයෙකු සඳහා රුපියල් විසි දහසක වන්දි මුදලක් ලබාදීමට තීරණය කළ බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.  

පසුගිය ඉරිදා සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අද කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගිය අතර, අනතුරෙන් දිවි ගලවාගත් 25 දෙනෙකු තවදුරටත් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තවත් 4 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවැති බෝට්ටු පෙරහැරක් අතරතුර බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වූයේ පසුගිය ඉරිදා පෙරවරුවේයි.

එම යාත්‍රාව ඊයේ රාත්‍රි බේරුවල ධිවර වරායට රැගෙන ආවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝගයකට අනුව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සකස් කරනු ලැබූ විමර්ශන වාර්තාව අමාත්‍යවරයාට භාරදී තිබෙනවා.

එම වාර්තාවට අනුව බෝට්ටු පෙරහැරට එක් වූ කිසිදු ධීවර යාත්‍රාවක් බේරුවල ධීවර වරායෙන් පිටවන විට නිසි අවසර පත්‍රයක් ලබාගෙන නැහැ.

එමෙන්ම මෙම යාත්‍රා කිසිවක් මගී ප්‍රවාහනයට යොදා නොගන්නා බවද එහි සඳහන්.

වරකට පුද්ගලයින් 5 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි ධීවර යාත්‍රාවේ අනතුර සිදුවන අවස්ථාව වනවිට පුද්ගලයින් 35 කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවද වාර්තාව මගින් හෙළි කර තිබෙනවා.

පසුගිය ඉරිදා සිදුවූ මෙම අනතුරින් මියගිය පිරිස මේ වනවිට 12 දක්වා ඉහළ ගිය අතර පුද්ගලයින් 25 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුරින් පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව අද පාර්ලිමේන්තුවේදී පියල් නිශාන්ත මන්ත්‍රිවරයා ප්‍රශ්න කළා.

අනතුර සිදුවී දින දෙකක් පුරා ඒ අවට මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් ඊයේ සවස් වනවිට නතර කිරීමට නාවික හමුදාව පියවර ගත්තා.

ඒ, අතුරුදන් වූ බවට සැලකෙන කිසිවෙකුගේ හෝ තොරතුරක් හමු නොවීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සිද්ධියෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ අතර, සිද්ධියෙන් මියගිය 8 හැවිරිදි පාසල් ශිෂ්‍යායාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories