නවක වදයට ලක්වූ සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂක කියයි

Tuesday, 21 February 2017 - 15:45

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නවක වදයට ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසට පිටතින් හෝ ඇතුළතින් කිසිදු තුවාලයක් නොමැති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්ධු හේරත් මහතා පවසනවා.

එම ළමුන් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණයෙන්  පසුව ඊයේ සවස මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එහිදී ද කිසිදු ගැටළුවක් නොතිබූ බවයි තහවුරු වී තිබෙන්නේ.

කෙසේ වෙතත් නවක වදයට ලක් වූ සිසුන් පිරිස සිද්ධිය සම්බන්ධනේ අදහස් දැක්වීමට ඉදිරිපත් නොවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
නවක වදය ලබාදීම සඳහා භාවිත කළ නිවස දෙවන වසර සිසුන් විසින් මසකට රුපියල් 10‍,000ක කුලී පදනම මත ලබාගෙන ගෙන තිබුණා.

ඒ තමන් ගෘහ නිර්මාණ ආයතනයක සේවය කරන පිරිසක් බව හඟවමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories