පේරාදෙණියේ සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් - සරසවි වරමටත් අවදානමක්

Tuesday, 21 February 2017 - 16:09

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කළ බව එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රකාශ කළා.

ඒ, උපකුලපති කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදියි.

ඔවුන්ට පරීක්ෂණ නියමවන තුරු දින නියමයක් නොමැතිව මෙලෙස පන්ති තහනමක් ලබාදී ඇති බවයි උපකුලපතිවරයා සඳහන් කළේ. එම සිසුන්ට පන්ති තහනමේ සිට සරසවි වරම් අහිමි කිරීම දක්වා වූ දඞුවමක් ලබාදීමේ හැකියාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කමිටුවේ නිර්දේශ අනුව සිදුවිය හැකි බවද ඔහු කියා සිටියා.

පසුගිය 19 වනදා කෘෂිකර්ම පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකාර සිසුන් 15 දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories