දඩයක්කරුවෙකුට වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Tuesday, 21 February 2017 - 16:12

%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
2009 වසරේදී ලූණුගල - පල්ලේකිරුව ප්‍රදේශයේදී දඩයක්කරුවෙකු වෙඩි තබා ඝාතනය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ලූණුගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

2009 වසරේ දී මිය ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සහ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ඊයේ පස්වරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories