නාමල්ට එරෙහි නඩුවක් අවසන් වේ

Tuesday, 21 February 2017 - 16:13

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
අල්ලස් කොමිසමට අපහාස කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව අවසන් කර තිබෙනවා.

මෙම නඩුව පවරා තිබුණේ නියමිත පරිදි දැනුම්වත් කිරීම් සිදුකර තිබුණත් මන්ත්‍රීවරයා අවස්ථා කිහිපයකදී කොමිසම හමුවේ පෙනී නොසිටීම මගින්, එම කොමිසමට අපහාසයක් සිදුකර ඇති බවට කරුණු දක්වමින්.

පසුව මන්ත්‍රිවරයා කොමිසම හමුවේ පෙනී සිටීම හේතුවෙන් නඩුව අවසන් කිරීමට අගවිනිසුරු කේ ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories