බැඳුම්කර වංචාව ගැන මහ බැංකු අධිපති පැය 3 ක් සාක්ෂි දෙයි

Tuesday, 21 February 2017 - 18:26

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ වාචික සාක්ෂි විමසීම අද ආරම්භ වුණා.

කොමිසම හමුවේ පළමුව සාක්ෂි ලබා දුන්නේ මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි.

අදාළ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ අද පෙරවරු 10.45 ට පමණ රැස්වුණේ කොළඹ 12 අධිකරණ මාවතේ පිහිටි කාර්යාල පරිශ්‍රයේදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න
ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුවන කේ. වේලායුධන් පිල්ලේ යන මහත්වරුන්.

2015 වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු විමර්ශනය සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එහි වාර්තාව මාස 3 ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ලබාදිය යුතුවනවා.

කොමිසම දුන් දැනුම් දීමකට අනුව මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පෙරවරු 10.45 ට පමණ බැඳුම්කර සිද්ධිය
සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටියා.

මෙහි ආරම්භක දේශනය පැවැත්වූයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතායි.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

ඔහුගෙන් පැය 3 ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු සාක්ෂි ලබාදෙන අතරතුර කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මහ බැංකු වාර්තාවක්
පෙන්වමින් විමසා සිටියේ ප්‍රශ්නකාරී බැඳුම්කර සිද්ධියේ අයදුම්පත් කැඳවීමේ කමිටු තීරණයට දින 7 කට පෙර ගැනුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමක් සිදුව ඇත්තේ කෙසේද යන්නයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා මිස පිළිතුරක් ලබා දිය නොහැකි බව ආචාර්ය කුමාරස්වාමි මහතා ඊට පිළිතුරු ලෙස පවසා තිබෙනවා.
 
සාක්ෂි විමසීම ආරම්භ කළ අවස්ථාවේදී එහි කටයුතු සිදුවන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන්ද නීතීඥයින්
දෙදෙනෙකු කොමිසම වෙත පැමිණ සිටියා.

වත්මන් මහ බැංකු අධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් හෙට දිනයේත් සාක්ෂි විමසීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories