අල්ලස් දෙන්න ගිය කොන්දොස්තරවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

Wednesday, 22 February 2017 - 7:28

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ - කොටුව දුම්රිය ස්ථානය අසලදී පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට තැත් කළ පෞද්ගලික බස්  රථ කොන්දොස්තරවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම - පිටකොටුව මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයක රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩුවක් ලබාගන්නා අවස්ථාවේදී එම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් රුපියල් දහසක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කර ඇති බව සඳහන්.

නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට ඉල්ලමින් කොන්දොස්තරවරයා බස් රථයේ බලපත්‍රය සමඟින් රුපියල් දහසක මුදලක් ඊයේ මෙලෙස අදාළ පොලිස් නිලධාරියාට ලබාදීමට උත්සාහ කර තිබෙනවා.  

එහිදී කොටුව පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා විසින් අල්ලස් ලබාදීමේ වරද පැහැදිළි කර බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories