මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හෙට සංකේත වර්ජනයක නිරත වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කියා සිටියේ උදෑසන 8ට ආරම්භ කරන වර්ජනය පසුදින පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම දකුණු පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජනය අද පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි.
මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් රැසක් දැඩි අපහසුතාවන්ට මුහුණ දුන්නා.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් සිය විරෝධතා ක්‍රියාමාර්ග පෙරේදා ආරම්භ කළේ ඌව පළාතෙන්.
මේ අතර, ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් මහජන කොමිෂන් සභාවක් පිහිටුවීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories