කළුතර - කටුකුරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්ව සිටි 7 හැවිරිදි පිරිමි දරුවාගේ් මළ සිරුර හමුවී තිබෙනවා.
ධීවරයින් පිරිසක් විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇත්තේ බලපිටිය මුහුදේ පාවෙමින් තිබියදීයි.
මළ සිරුර, අතුරුදන් වූ පයාගල ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවාගේ බවට හෙළි වී ඇති අතර, එය මේ වනවිට බලපිටිය හරස්පොල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
යාත්‍රා අනතුරෙන් අතුරුදන් වූ 28 හැවිරිදි තරුණයෙකුගේ් මළ සිරුරක් ද ධීවරයින් විසින් බේරුවල මුහුදේ පාවෙමින් තිබීයදී අද උදෑසන සොයා ගනු ලැබුවා.
ඒ අනුව මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් වන දක්වා ඉහල ගොස් තිබෙනවා.
Update - Wednesday, February 22, 2017 9.50 am
-------------------------------------------------------------------------
කළුතර - කටුකුරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද අලුයම ධීවරයන්ට හමුවූ මෙම මළ සිරුර මේ වන විට බේරුවල ප්‍රදීපාගාරය අසළ වෙරළට ගෙනවිත් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස හමුවී ඇත්තේ වයස අවුරුදු 28ක් පමණ වන තරුණයෙකුගේ මළ සිරුරක් බවයි එහි සිටින අප වාර්තාකරු කියා සිටියේ.
ඒ අනුව මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 13ක් වන අතර තවත් 3 දෙනෙකු තවමත් අතුරුදන්.
ඡායාරූප - අලුත්ගම තුසිත ද සිල්වා

Follow US
Most Viewed Stories