විදුලිය ගොඩ ගැනීම ගැන ජනපතිගේ අවදානය

Wednesday, 22 February 2017 - 8:54

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
පරිසරය සුරකිමින්, ආර්ථිකය නංවමින් විදුලි ක්‍ෂේත්‍රය ගොඩනගන ඉදිරි මග පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

අනාගතයේදී බලාගාර ඉදිකළ හැකි ස්ථාන සැළසුම් කිරීම, ජල විදුලියෙන් පසු ඊළඟ පියවර ලෙස විශාල පරිමාණයේ සුළං බලාගාර කරා ගමන් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී ඉංජිනේරු සංගමය දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය සැළසුම් කරන අඩු වියදම් බලාගාරවලට එරෙහිව අන්තගාමී බලවේගවලින් එල්ල වී ඇති අභියෝග පිළිබඳවද ඉංජිනේරු සංගමය එහිදී ජනාධීපතිවරයා දැනුවත් කළා.

මේ අතර පානදුර - කෙසෙල්වත්ත - ගොරකාන පුරාණ කන්දේ විහාරයේ ඉදි කෙරණු නව කෞතුකාගාරයද ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කෙරුණා.

වසර 400 ක් පැරණි ගොරකාන පුරාණ කන්දේ විහාරය වෙත ජනාධිපතිවරයෙකු පැමිණි මුල්ම අවස්ථාවද මෙය වනවා.  









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories