යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා සැරයන්වරයෙකුට පහර දෙයි

Wednesday, 22 February 2017 - 9:15

%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා එහි සැරයන්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ සැරයන්වරයා සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ නඩු භාණ්ඩ කිහිපයක් අතුරුදන් වූ බවට චෝදනා කරමින් ස්ථානාධිපතිවරයා තමන්ට අතින් සහ පයින් පහර දුන් බවයි.

එම සිද්ධිය තවත් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් නිරීක්ෂණය කළ බවද එම පැමිණිල්ලේ සඳහන්.

පසුගියදා ගාල්ල - යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ එම පොලිස් ස්ථානයටම අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුට පහරදීමේ චෝදනාව හේතුවෙන්.

අනතුරුව, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක ශරීර ඇප දෙකක් මත මුදා




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories