මධ්‍යධරණී මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 74 ක් මරුට (ඡායාරූප)

Wednesday, 22 February 2017 - 12:43

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+74+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලිබියාවේ සිට යුරෝපයට යාමට පැමිණි නීතිවිරෝධී සරණාගතයින් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදි අනතුරට ලක්වීමෙන් එහි සිටි 74 දෙනෙකුගේ මළ සිරුරු ලිබියාවේ වෙරළකට ගොඩ ගසා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම අනතුරෙන් තවත් විශාල පිරිසක් මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි.

එමෙන්ම තවත් පිරිසකගේ මළ සිරුරු මුහුදේ පාවෙමින් පවතින බවටද වාර්තා පළ වනවා.

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට මෙම යාත්‍රාව පසුගිය ඉරිදා හෝ සදුදා දිනයකදී සරණාගතයින් රැගෙන යාත්‍රා කරන්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කළේ.

වසරේ මේ දක්වා කාලය තුල මධ්‍යධරණී මුහුදේ සිදුවූ මෙවැනි අනතුරුවලින් පුද්ගලයන් 365 දෙනෙකු මියගොස් තිබෙනවා.  








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories