බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු හමුවේ (ඡායාරූප)

Wednesday, 22 February 2017 - 13:32

%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කළුතර, කටුකුරුන්ද මුහුදු තිරයේ සිදු වු බෝට්ටු අනතුරින් අතුරුදන් වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (22) පෙරවරුවේ සොයාගනු ලැබුවා.

ධිවරයින් පිරිසක් විසින් මෙම මළ සිරුරු සොයා ගනු ලැබුවේ බේරුවල සහ බලපිටිය මුහදේ පා වෙමින් තිබියදීයි. ඒ අනුව අද අළුයම් කාලයේදී බේරුවල මුහුදේ පාවෙමින් තිබූ එම ප්‍රදේශයේ පදිංචි  25 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත්තා.

පසුව යාත්‍රා අනතුරෙන් අතුරුදහන්ව සිටි 7 හැවිදි පිරිමි දරුවාගේ මළ සිරුර ද බලපිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධිවරයින් පිිරිසක් විසින් අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා.

ඒ අනුව මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහල ගොස් ඇති අතර තවදුරටත් කුඩා දරුවෙකු සහ පුද්ගලයෙකු අතුරුදන්. ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පසුගිය ඉරිදා උදෑසන බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂිික මංගල්‍යයට සමඟාමීව පැවති බෝට්ටු පෙරහැරක් අතරතුරදි කළුතර කටුකුරුන්ද මුහුදු තිරයේ මෙම අනතුර සිදුවුණේ පසුගිය ඉරිදායි.

මේ අතර , මෙම බෝට්ටු අනතුර සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  ප්‍රකාශ කළේ පාරම්පරිකව  සංවිධානය වන මෙවැනි ආගමික උත්සවවලදී සැදැහැවතුන්ගේ ආරක්ෂාව පිළිබඳ නිති සම්පාදනයට රජයේ අවදානය යොමු විය යුතු බවයි.

අනතුරෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ දී දේව මෙහෙයක් අද පස්වරුවේ පැවැත්වෙන්නේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.



ඡායාරූප - අලුත්ගම තුසිත ද සිල්වා





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories