කොල්ලකෑම් වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 22 February 2017 - 14:36

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දිවයිනේ විවිධ ප්‍රදේශවල රාත්‍රී කාලයේ සැරිසරමින් නිවාස බිද රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් විවිධ භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උඩුනුවර සහ වට්ටප්පල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් මාතලේ, කඩුගන්නාව, පල්ලෙකැලේ, මාවතගම, පේරාදෙණිය, බකමූණ, නාවුල, කටුගස්තොට සහ මහනුවර යන ප්‍රදේශ රැසක නිවාස බිද මුදල් සහ දේපල කොල්ලකා ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

එලෙස, කොල්ලකන ලද රූපවාහිනි හා පරිගණක යන්ත්‍ර, කැමරා, පිත්තල භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් 53 සහ 55 වන වියේ පසුවන මෙම සැකකරුවන් දෙදෙනා අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියාසිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories