කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළට

Wednesday, 22 February 2017 - 14:50

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කළුතර - කටුකුරුන්ද මුහුදු තීරයේ සිදු වු බෝට්ටු අනතුරින් පසු අතුරුදන් ව සිටි  23 හැවිරිදි තරුණියගේ සිරුර බේරුවල - මරදාන මුහුදු තීරයේ තිබී අද දහවල් ධීවරයින් පිරිසකට හමුවී තිබෙනවා.

අද පෙරවරුවේ බේරුවල ප්‍රදීපාගාරය ආසන්නයෙන් ඇයගේ සැමියාගේ සිරුරද හමුවූ අතර, අනතුරෙන් අතුරුදන්ව සිටි  සත් හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර සොයාගත්තේ බලපිටිය මුහුදු තීරයෙන්.

ඒ අනුව මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් ඇති අතර අතුරුදන්වු කුඩා දැරියක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම බෝට්ටු අනතුරින් අතුරුදන් වු පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ද අද (22) පෙරවරුවේ සොයාගනු ලැබුවා.

ධිවරයින් පිරිසක් විසින් මෙම මළ සිරුරු සොයා ගනු ලැබුවේ බේරුවල සහ බලපිටිය මුහදේ පා වෙමින් තිබියදීයි.

ඒ අනුව අද අළුයම් කාලයේදී බේරුවල මුහුදේ පාවෙමින් තිබූ එම ප්‍රදේශයේ පදිංචි  25 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගත්තා.

පසුව යාත්‍රා අනතුරෙන් අතුරුදහන්ව සිටි 7 හැවිදි පිරිමි දරුවාගේ මළ සිරුර ද බලපිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධිවරයින් පිිරිසක් විසින් අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා.

පසුගිය ඉරිදා උදෑසන බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂිික මංගල්‍යයට සමඟාමීව පැවති බෝට්ටු පෙරහැරක් අතරතුරදි කළුතර කටුකුරුන්ද මුහුදු තිරයේ මෙම අනතුර සිදුවුණේ පසුගිය ඉරිදායි.

අනතුරෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ දී දේව මෙහෙයක් අද පස්වරුවේ පැවැත්වෙන්නේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories