කන්තලේ ධීවර ගැටුමෙන් 5 ක් රෝහලට - එක් අයෙකුට බරපතලයි

Wednesday, 22 February 2017 - 16:57

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති විරෝධතාවක් අතරතුරදී ධීවරයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ ධීවරයින්ගේ සංඛ්‍යාව පස්දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

කන්තලේ පොලීසිය සහ කැරළි මර්දන ඒකකය එක්ව ගැටුම් ඇතිකරගත් ධීවරයන් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

කන්තලේ වැවේ ධීවර කටයුතුවල නිරත ධීවරයෙකුට ඊයේ දිනයේ සිදුවූ පහරදීමකට එරෙහිවයි ධීවරයන් පිරිසක් කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ  විරෝධතාවයේ නිරතවී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories