බැඳුම්කර කොමිසම දෙවන දිනටත් සාක්ෂි විමසයි

Wednesday, 22 February 2017 - 18:05

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද දෙවන දිනටත් සාක්ෂි විමසනු ලැබුවා.

ඒ අනුව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද දෙවන දිනටත් කොමිසම හමුවේ පෙනී සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර නිකුතුවකදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කොමිසම දැනුවත් කර තිබෙනවා.

තමන් මහ බැංකු අධිපති පත්වීමෙන් පසුවත් මහ බැංකුව තුළ වැරදිකරුවන් සුළු පිරිසක් සිටි බව ඔහු එහිදී කියා සිටියා.

දැනට වෙන්දේසි ක්‍රමයට සිදුකරන බැඳුම්කර නිකුතු ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කර නව ක්‍රමයක්  හඳුන්වා දෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී ලංසු තැබීමේ කාමරයේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේ හඬ පටිගත කිරීමේ උපකරණ හෝ ආරක්ෂිත කැමරා නොතිබූ බවයි මෙහිදී මහ බැංකු අධිපතිවරයා කොමිසම හමුවේ කියා සිටියේ.

එමෙන්ම තමන් එම කාමරයට කිසි දිනක නොගිය බව ප්‍රකාශ කළ අධිපතිවරයා ඊට මහ බැංකු අධිපතිවරයෙකු යාමේ අවශ්‍යතාවක්ද නොමැති බවටයි අවධාරණය කළේ.

මේ අතර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට මෙම ජනපති කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමට අද අවසර හිමිවුණා.

ඒ සමාගමේ නීතීඥයින් කළ ඉල්ලීමකට අනුවයි.

එහිදී කොමිසමේ විනිසුරුවරුන් අදාළ අවසරය ඉල්ලීම පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීම සඳහා කොමිසමේ වැඩකටයුතු විනාඩි 15 කට කල් තබනු ලැබුවා.

අනතුරුව නීතිපතිගේ මතය විමසීමෙන් පසු යළි කොමිසමේ වැඩකටයුතු ආරම්භ කරමින් එහි විනිසුරුවරුන් සඳහන් කළේ ජනාධිපති කොමිෂන් සභා පනතේ 16 වන වගන්තියට අනුව පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට කොමිසම හමුවේ පෙනී සිටීමට අවසර ලබාදිය හැකි බවයි.

මේ අතර ජනාධිපති කොමිසම හෙට දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගන් සාක්ෂි විමසීමට නියමිතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories