ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව අධ්‍යක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයක්

Wednesday, 22 February 2017 - 20:54

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට කිසියම් පිරිසක් විසින් අද පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ කලවංචිකුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ විමලරාජ් නේෂන් මහතාට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ අද පස්වරු 7 ට පමණ.

පොලිසිය පැවසුවේ කලවංචිකුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි සන්නද්ධ පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අධ්‍යක්ෂවරයා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව මහ රෝහලට මාරුකර යැවුණා.

විමලරාජ් නේෂන් මහතා පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ මඩකලපුව - එරාවූර් ප්‍රදේශයේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිවීම හේතුවෙන්.

එම ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ මීට පෙර හෙළිදරව්වක් ද සිදුකළා.

එහිදී හිරු සී.අයි.ඒ වෙත අදහස් පළ කළ අධ්‍යක්ෂවරයා පැවසුවේ කිසියම් පිරිසක් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ට හිරිහැර සිදුකරන බවයි.

කෙසේ වෙතත් හිරු සී.අයි.ඒ හෙළිදරව්වෙන් පසු එරාවූර් ප්‍රදේශයේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම්වල ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories