මුදල් අමාත්‍යාංශ ලේකම් බැඳුම්කර කොමිසමට

Thursday, 23 February 2017 - 7:44

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම  අද තුන්වන දිනටත් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. සමරතුංග කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති.

ඊයේ දිනයේදී වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

බැඳුම්කර නිකුතුවකදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කොමිසම දැනුවත් කළ මහ බැංකු අධිපතිවරයා දැනට වෙන්දේසි ක්‍රමයට සිදුකරන බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදි වෙනස් කරන බවයි කොමිසම හමුවේ කියා සිටියේ.

මේ අතර පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට මෙම ජනපති කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමට ඊයේ අවසර හිමිවුණා.

ඒ, එම සමාගමේ නීතීඥයින් කළ ඉල්ලීමකට අනුවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories