තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මේ මස 27 වනදා තීරණාත්මක විරෝධතා ව්‍යාපාරයකට එළඹෙන බව කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට උපවාසයක නිරත ආබාධිත රණවිරුවන් පවසනවා.
සේවා විශ්‍රාම වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් මෙම ආබාධිත සෙබළුන් පිරිස පසුගිය 14 වනදා සිට උපවාසයේ නිරතවන අතර ඊයේ එම ස්ථානයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
මේ අතර මෙම උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු දැඩි ලෙස ගිලන්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිිබුණා.
උපවාසයේ නිරත පිරිසගේ සුවදුක් විමසීම සඳහා ඊයේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණියා.

Follow US
Most Viewed Stories