නිදහස් පක්ෂය නව මුහුණුවරකින් ඉදිරියට - ජනපති

Thursday, 23 February 2017 - 7:56

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලූත් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී අදහස් දක්වමින්.

මේ අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වසර හතරකට වරක් පවත්වනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ - නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.

මෙහිදී බාලදක්ෂ සේවයට කැපවූ 20 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් රජත සිංහ සම්මාන පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බාලදක්ෂ ආචාර්යවරුන් 565 දෙනෙකු සඳහාද සම්මාන පිරිනැමුණු අතර, ඉන්දියාව, කොරියාව, මැලේසියාව, නේපාලය යන රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන්ද ජනාධීපතිවරයා අතින් සම්මාන ලබාගත්තා.

බාලදක්ෂ දිනයට සමගාමීව පැවති මෙම උත්සවයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙතද විශේෂ සම්මානයක් පිරිනැමුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories