මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එච්.එස්.සමරතුංග බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා.
තුන්වන දිනයටත් කොමිසම හමුවේ වාචික සාක්ෂි විමසීම මේ වන විටත් සිදු කෙරෙන අතර එහි කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු අවස්ථාවේදි සාක්ෂි ලබා දෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ බැදුම්කර සිද්ධිය වු සමයේ තමන් මුදල් අමාත්‍යාංශයේ මෙන්ම ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවයි.
බැදුම්කර ගණුදෙනුව සිදුවු 2015 වසරේ මැද භාගය වන විට අයවැය සකස් කිරිම සදහා අමාත්‍යාංශවලට අයත් මුදල් ඇස්තමේන්තු ලැබී තිබු බවත් බැදුම්කර නිකුතුවට අදාල තොරතුරුද එම කාල සිමාවේදි මුදල් අමාත්‍යාංශයට ලැබුනු බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කලා.
අද දිනයේ සාක්ෂි විමසිමේ කටයුතු සිදු කරමින් පැවති අවස්ථාවේදි විදුලිය විසන්ධි වු අතර මේ හේතුවෙන් කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමට විනිසුරුවරුන් පියවර ගත්තා.
කෙසේ වෙතත් යලි විදුලිය ලැබීමෙන් පසු කොමිසමේ කටයුතු ආරම්භ කෙරුණා.

Follow US
Most Viewed Stories