රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 23 February 2017 - 13:01

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදේශ රටවලින් තමන්ට ලැබුණු මුදල් මහ බැංකුව මගින් අත්හිටුවා ඇති බව පවසා එම මුදල් නිදහස් කර ගැනීමට පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් මොහු 55 හැවිරිදි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගෙන් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ 104ක් මෙලෙස වංචා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මොහුට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් පැමිණිලි 15කට අධික සංඛ්‍යාවක්  පොලිසිය වෙත ලැබී තිබෙනවා.

එලෙස වංචා කර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 08කට අධික බවයි සැකකරු පිළිබඳ විමර්ශණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.

ව්‍යාජ ලිපිනයන් සඳහන් කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන බව පෙන්වා මොහු මුදල් වංචා කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories