කොල්ලූපිටියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

Thursday, 23 February 2017 - 13:47

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොල්ලූපිටිය - ඩුප්ලිකේෂන් පාරේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරු 9.30ට පමණ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යාපනය ප්‍රදේශයේ පදිංචි මොහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඉදිකෙරෙමින් පවතින  ගොඩනැගිල්ල චීන සමාගමකට අයත් එකක් වන අතර මියගිය පුද්ගලයා තාවකාලික පදනම යටතේ එහි සේවය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories