මන්ත්‍රී විමල් ගැන කතානායකවරයාගේ තීන්දුව ලබන 7 වනදා

Thursday, 23 February 2017 - 15:59

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+7+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීන්දුව ලබන මස 7 වැනිදා ලබාදීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට අවශ්‍ය බව ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුවයි අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබදව සාකච්ඡා වී ඇත්තේ.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ද පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේ මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීම ලිඛිතව සිදුකළහොත් ඕනෑම අවස්ථාවක එය සලකා බැලීමට ද තමන් සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories