ජානිපෙ අස්වීමේ ලිපිය භාර දෙයි

Thursday, 23 February 2017 - 17:12

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වන ලිපිය සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර වෙත අද (23) භාරදී තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එය භාර දුන් බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර, විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වන කතානායකවරයාගේ තීන්දුව ලබන මස 7 වැනිදා ලබාදීමට අද (23) පැවති පක්ෂ නායක රැස්වීමේදී ද තීරණය කර තිබුණා.   

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ද ඇති වුණා.



පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරට යැවු ලිපිය පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories