හිරු සී.අයි.ඒ. හෙළිදරව්වෙන් පසු, ඉඩම් කොල්ලයට එරෙහිවූ අධ්‍යක්‍ෂකවරයාට වෙඩි තැබීම ගැන රහස් පොලිස් පරීක්ෂණ ඇරඹේ

Thursday, 23 February 2017 - 18:06

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%92.+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%2C+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

එසේම, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5 ක් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ විමලරාජ් නේෂන්ට කලවංචිකුඩියේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ (22) පස්වරු 7 ට පමණයි.

වෙඩි තැබීම සදහා යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ඉන් එක් අයෙකුු යතුරුපැදියෙන් බැස නිවසට පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගිය බවයි සිද්ධිය ඇසින් දුටුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ අධ්‍යක්ෂවරයා මේ වනවිට මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි වැදීමෙන් ඔහුගේ එක් අතකට හානි සිදුව ඇති අතර, ඒ සදහා අවශ්‍ය කරන සියලූම ප්‍රතිකාර ලබාදීමට පියවරගෙන ඇති බවයි රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

පසුගිය දිනවල මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ තොරතුරු අනාවරණ කළා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ ඉඩම් අධ්‍යක්ෂ විමලරාජ් නේෂන් සදහන් කළේ කිසියම් පිරිසක් නීතිය ක්‍රියාත්මක කිරීමේදී තමන්ට හිරිහැර සිදුකරන බවයි.

හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු එරාවුර් ප්‍රදේශයේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම් වල ඉදිකිරීම් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories