අලූතින් සොයාගත් ග්‍රහලෝකවල ජීවය ගැන හොයන්න වසර 80 ක කාලයක්

Friday, 24 February 2017 - 6:56

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+80+%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නාසා ආයතනය විසින් සොයාගත් තනි තරුවක් වටා භ‍්‍රමණය වන පෘථිවියට සමාන ග්‍රහලෝක හතේ ජීවයක් පවතීද යන්න සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබාගැනීමට වසර 80 ක් පමණ ගතවනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම ග්‍රහලෝක සියල්ලෙහිම ජලය තිබිය හැකි බව පවසන නාසා ආයතනය සඳහන් කරන්නේ ග්‍රහ ලෝක තුනක ජීවය පැවතිය හැකි බවයි.

මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවටයි නාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories