අනියම් බිරිඳව මරා වලදමා සිමෙන්තිත් දමා සැකකරු පලා ගිහින් - සිරුර ගොඩගනී (ඡායාරූප)

Friday, 24 February 2017 - 9:31

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B7%80+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විසි දෙහැවිරිදි කාන්තාවක් ඝාතනය කර නිවස තුළ වලදමා ඊට උඩින් රතු සිමෙන්ති අතුරා තිබියදී ඊයේ (23) සිරුර සොයාගත් බව හඟුරන්කෙත පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ හේවාහැට පදිංචි විසි දෙහැවිරිදි එක්දරු මවක් බවයි වාර්තාවන්නේ.  

සැකකරු 33 හැවිරිදි පියෙකු වන අතර ඔහු මෙම කාන්තාව සමඟ කලක සිට අනියම් ඇසුරක් පවත්වා තිබෙන බවත් ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ විදේශ ගත වී ඇති බවත් පොලිසිය කළ මූලික පරීක්ෂනවලදී හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ ඉකුත් ජනවාරි මස 29 වැනිදා හෝ ඊට ආසන්න කාලයක බවයි පොලිසිය සඳහන් කළේ.

නායයාමක් හේතුවෙන් ජනතාව ඉවත් කළ ප්‍රදේශයක තිබෙන පාළු නිවසකදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ඔවුන් එම නිවසේ ජීවත්ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව සහ සැකකරුට දරුවෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේවන විට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.



හඟුරන්කෙත -නීල්









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories