ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 24 February 2017 - 11:34

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගංජා කිලෝ 22 යි ග්‍රෑම් 80 ක් සමග පලෙයි ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම 2 ට පමණ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය හමුවී ඇත්තේ.

මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයකු සතුව තිබී ගංජා පාර්සල් 6 ක් සහ පිටුපස අසුනේ තිබී ගංජා පාර්සල් 4 ක් හමුවී තිබෙනවා.

අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා වැල්වැටිතුරේ සහ නෙල්ලිඅඩි ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories