ඔස්ට්‍රේලියා සංචාරය ගැන මාලිංග සහ අසේල කියපු දේ

Friday, 24 February 2017 - 11:56

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%83%E0%B7%9A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
දකුණු අප්‍රිකා සංචාරයේ අත්දැකීම් ඔස්ට්‍රේලියා සංචාරයේදී තමන්ට බෙහෙවින් ඉවහල් වු බව ශ්‍රී ලංකා පිතිකරු අසේල ගුණරත්න පවසනවා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායකින් දිවයිනට ළගාවුනා.

අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අසේල ගුණරත්න ප්‍රකාශ කලේ විශේෂයෙන් දකුණු අප්‍රිකා තණතිලි සහ ක්‍රීඩා පිටිවලට සමාන තත්වයක් ඔස්ට්‍රේලියාවේ ද පැවතිම හේතුවෙන් තමන්ට වැඩි දස්කම් දැක්වීමට හැකිවු බවයි.

මෙම මාධ්‍ය හමුවට ඔස්ට්‍රේලියා සංචාරයේදී නායකයා ලෙසට කටයුතු  කල උපුල් තරංග මෙන්ම ලසිත් මාලිංග ද එක්ව සිටියා.

එහිදී ලසිත් මාලිංග සඳහන් කලේ තමන් වසරකට වැඩි කාලයක් තමන් ක්‍රීඩාවෙන් ඈත්වී සිටීම හේතුවෙන් තවමත් පැරණි දස්කම් අතරට පැමිණ නැතැයි විශ්වාස කරන බවයි.

එහෙත් ඉදිරියේදී එහෙත් ඉදිරියේදී තරග කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් තවදුරටත් වැඩි දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවන බවයි මාලිග කියාසිටියේ.

තමන්ට හැකි උපරිමයෙන් මෙම තරගාවලියේදී ක්‍රීඩා කල බව ද ඔහු සඳහන් කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories