එඩ්වඩ් ස්නෝඩන්ට, හොංකොං හි දී රැකවරණය දුන් ලාංකිකයන් බියෙන්

Friday, 24 February 2017 - 13:29

%E0%B6%91%E0%B6%A9%E0%B7%8A%E0%B7%80%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%9D%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඇමරිකානු ඔත්තු සේවා තොරතුරු තොග වශයෙන් අන්තර්ජාලයට එක් කිරීම නිසා එෆ්.බී.අයි. ඔත්තු සේවා මගින් අත්අඩංගුවට ගැනීමට සොයන එඩ්වඩ්  ස්නෝඩන්ට රැකවරණය ලබාදුන් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ඊයේ (23) වාර්තා කළා.

හොංකොං දිවයිනේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් වන මොවුන්, ස්නෝඩන් 2013 වසරේ හොංකොං දිවයිනට පැමිණි අවස්ථාවේ රැකවරණය ලබාදුන් බවටයි වාර්තා වන්නේ.

ඉන් එක් අයෙකු ස්නෝඩන්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස ද කටයුතු කර ඇති බව සදහන්. ස්නෝඩන් පිළිබද චිත්‍රපටයක මොවුන් පිළිබදව සදහන් වීමත් සමගයි ඒ පිළිබද තොරතුරු හෙළි කිරීමට ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වී ඇත්තේ.

කෙසේ නමුත්, ඇමරිකානු රජයට අවශ්‍ය පුද්ගලයෙකු වන ස්නෝඩන්ට රැකවරණ ලබාදීම නිසා තමන් අත්අඩංගුවට ගැනීම සදහා ලක් රජය උත්සාහ කරන බවට ද ඔවුන් චෝදනා කළා.

ඒ සදහා මෙරට රහස් පොලිස් නියෝජිතයන් පසුගිය දෙසැම්බරයේ හොංකොං සංචාරයක නිරත වූ බවට ද තොරතුරු ලැබී ඇතැයි අග්නිදිග ආසියානු මාධ්‍ය වෙත එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, ඒ බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කළ බවයි බී.බී.සී. ප්‍රවෘත්ති සේවය ඇතුළු විදෙස් මාධ්‍ය රැසක් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories