පහළ කඩුගන්නාවේ අනතුරකින් සබරගමු කුලපති හිමියන් ඇතුළු 5කට තුවාල

Friday, 24 February 2017 - 17:04

%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු 5 දෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ අතර, පසුව එක් අයෙකු කෑගල්ල මහරෝහලට මාරු කර යවා තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පිරිස ගමන් ගත් ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර, මොණරාගල - බිබිල ප්‍රධාන මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ අනතුරකින් ද 11 දෙනෙකු තුවාල ලබා අද රෝහල් ගත කළා.

පොලීසිය සඳහන් කළේ වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් අතර, කාන්තාවන් 5 දෙනෙකු, කුඩා ළමයින් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සිටිනවා.

ඔවුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories