ඉඩම් අධ්‍යක්ෂවරයාට වෙඩි තැබූ සැකකරුවන්ට නීති තද වෙයි (ඡායාරූප)

Friday, 24 February 2017 - 18:43

%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඉඩම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

මහනුවර ප්‍රදේශයේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මඩකලපුව - කලවංචිකුඩි ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවයක නිරත වුණා.

ඊට එක්ව සිටි පිරිස අවධාරණය කළේ රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.

මෙම විරෝධතාව සඳහා නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රම් කියා සිටියේ පොලිසිය අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ විමලරාජ් නේෂන් පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ මඩකලපුව - එරාවූර් ප්‍රදේශයේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධවයි.

එම ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. හරහා හෙළිදරව්වක්ද සිදුකළා.

එහිදී හිරු සී.අයි.ඒ. වෙත අදහස් පළ කළ අධ්‍යක්ෂවරයා කියා සිටියේ කිසියම් පිරිසක් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ට හිරිහැර සිදුකරන බවයි.

කෙසේ වෙතත්, හිරු සී.අයි.ඒ. හෙළිදරව්වෙන් පසු එරාවූර් ප්‍රදේශයේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම්වල ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කෙරුණා.

අදාළ නඩුව පසුගිය 22 වැනිදා එරාවූර් සංචාරක අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එල්.එම්.රිස්වි නියෝග කළේ නඩුව යළි මාර්තු මස 03 වැනිදා කැඳවීමටයි.

අධ්‍යක්ෂවරයාට වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ අදාළ නඩුවට සහභාගිවීමෙන් අනතුරුව සිය නිවසේ රැඳී සිටින අතරතුරයි.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ විමලරාජ් නේෂන් කියා සිටියේ නිවැරදිව රාජකාරී සිදුකරන රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාව ලබාදීමට පියවර ගත යුතු බවයි.



මඩකලපුව - කලවංචිකුඩි ප්‍රදේශයේ පැවති විරෝධතාවය.



ඡායාරූප-අම්පාර වසන්ත චන්ද්‍රපාල / සමන් චන්ද්‍රතිලක  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories