ජල විදුලියට අභියෝග වැඩිවේ - වගාවට දියවර, මාර්තු අවසන් වන තුරු

Friday, 24 February 2017 - 18:49

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් අභියෝග එල්ල වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ මේ වන විට විදුලිය නිෂ්පාදනය සඳහා ජලය ඇත්තේ තවත් දින 60කට පමණක් බවයි.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම් ද සීග්‍රයෙන් පහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

ඒ අනුව මහවැලි ඩී කලාපයට අයත් වෙන්ඩරාසන් ජලාශයේ ජල මට්ටම සියයට 9.4ක් ලෙස වාර්තා වී තිබුණා.

විදුලිය නිෂ්පාදනය සඳහා ඍජුවම යොදා ගන්නා මහවැලි ජලාශවල ජල මට්ටම් සියයට 50ත්, 30ත් අතර ප්‍රමාණයේ ජල මට්ටම රැදී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ද සියයට 34 දක්වා පහත වැටී ඇති අතර, සමනල වැව ජලාශයේ පවතින්නේ ද සියයට 16ක් වැනි අවම ජල මට්ටමකයි.

කෙසේ වෙතත්, කෘෂිකර්ම කටයුතු සඳහා අඛණ්ඩව ජලය සැපයීමට බලාපොරොත්තු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද අඛණ්ඩව බාධාවකින් තොරව ජල සැපයුම සිදුකරන බවයි එහි සභාපති එම්. අන්සාර් සදහන් කළේ.

මේ අතර, ඉදිරියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories