මතභේදාත්මක බැඳුම්කර ගැසට් නිවේදනයට එරෙහිව මහින්ද අධිකරණයට

Saturday, 25 February 2017 - 13:31

%E0%B6%B8%E0%B6%AD%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මතභේදාත්මක මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයෙන් තමාට අභූත චෝදනාවක් එල්ල කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමේදී තමාගේ නම යොදාගැනීම නිසා තමන්ට අපහාසයක් සිදුවී ඇති බවයි ඔහු පවසන්නේ.

මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හොරණ ප්‍රදේශයේ ඊයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories