විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට සැරසේ

Saturday, 25 February 2017 - 14:00

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
විකිරණ විද්‍යා උපාධිය හදාරණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට මේ වන තුරු මහනුවර සහ පේරාදෙණිය යන රෝහල්වල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට ඉඩ ලබා නොදෙන බවට චෝදනාවක් එල්ල වනවා.

මේ හේතුවෙන් වර්ජන ක්‍රියාවලියකට අවතීර්ණවීමට තීරණය කළ බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.  

ඒ අනුව මාර්තු 2 වන දින පෙරවරු 8 සිට 12 දක්වා පැය 4 වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එහි උප සභාපති චානක ධර්මවික්‍රම  හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

විකිරණ විද්‍යා උපාධිය හදාරණ එම සිසුන්ට මහනුවර මහ රෝහලේ හෝ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලබාදීම සිදුකළ යුතු වුවත් ඔවුන් මේ වනවිට එම ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරනු ලබන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේයි.

මේ හේතුවෙන් එම විද්‍යා උපාධිය හදාරණ සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories