කිතුල් ගසකින් ඇද වැටි පුද්ගලයකු මරුට (ඡායාරූප)

Saturday, 25 February 2017 - 15:46

%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අකුරැස්ස මලිදුව දොල මාවත ප්‍රදේශයේදී කිතුල් ගසකින් ඇද වැටී පුද්ගලයකු මරණයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී නිවස අසල තිබු කිතුල් ගසක මල් මැදීමට යාමේදී අනතුර සිදුව ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මලිදුව ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි එක්දරු පියෙක්.

ඊයේ රාත්‍රී රැකියාව නිමවා සිය බිරිඳ නිවසට කැඳවාගෙන පැමිණීමෙන් පසු ඔහු කිතුල් මල් මැදීමට ගොස් ඇතැයි සඳහන්.

එහිදී ඔහු ගසින් ඇද වැටෙන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

අකුරැස්ස පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවන්නේ.



ඡායාරූප - අකුරැස්ස අජිත් ලංකාතිලක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories